අධිකරණ වාරණයක් පැවතියද සයිටම් විරෝධී සිය පාගමන අද (25) සැලසුම් කළ පරිදීම සිදු කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ කොටුව සහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ විසින්.
විරෝධතාකරුවන්ට කොළඹට ඇතුළුවිම එමගින් තහනම් කර තිබෙනවා.
කෙසේ වෙතත් සිය විරෝධතාව නතර කිරීමට නම් කළ යුත්තේ මෙලෙස වාරණ නියෝග ලබා ගැනීම නොව සයිටම් ආයතන සැබෑ ලෙස අහෝසි කිරීම බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ.
සයිටම් විරෝධී මෙම පාගමන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතයි.

