මරික්කාර් කියන්නේ කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක් – හිටපු බ.ප.ස.ම සුනිල් ලෙස්ලි..

මරික්කාර් කියන්නේ කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක්  – හිටපු බ.ප.ස.ම සුනිල් ලෙස්ලි..
Spread the love

කොලොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වන මරික්කාර්ව කොලොන්නාව ගෙන ආවේ තමන් බවත් තමන් සමග ගම බලන්න ගිය ළදරුවා මේ වෙද්දී කටින් කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක් බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී දින කිහිපයකට කලින් ජනපති මෛත්‍රී සමගින් එක්වූ සුනිල් ලෙස්ලි මහතා පවසයි…

.ගම හදන්න රජයෙන් එවපු කෝටි 04ක් ආයෙත් හරවලා යවපු මේ අන්දමන්ද සංවිධායකවරයා අන්තිමේදී අපෙන් අහනවා ඇයි එහෙම සල්ලි ආයෙත් රජයෙන් ගත්තේ කියලා.. අන්න එහෙම තොත්ත බබෙක් මෙයා.. මෙයා මොනවද ගමට කලේ? තටමලා තටමලා පාරවල් 02ක් හැදුවා.. මාස 02 ගියේ අන්න පාරේ කාපට් එක ගැලවිලා ගිහින්.. එතනටම ගිහින් මේ මෝඩයා කියනවා ඒක ආයෙත් හදලා දෙනවලු.. මිනිස්සු හු කිවුවා මිනිහට.. මාර නායකයෙක් එයා..

අද වෙද්දී ගම් පෙරලියක් කරන්න යනවලු එයා.. ගම පෙරලන්න කොහොමවෙතත් ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා මේ වෙද්දී ශ්‍රීලනිපයට සහය පලකරනවා මරික්කාර්ව පලවා හරින්න.. කොලොන්නාවට ඕනේ කොලොන්නාවේ කෙනෙක් මිසක් අම්මා තාත්තා අදුරන්නේ නැති හැංගිලා දෙහිවල ජීවත්වෙන හෙලිකොප්ටර් මිනිහෙක් නොවන බවද ඊයේ ගල්වාන ප්‍රදේශයේ සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් සුනිල් ලෙස්ලි මහතා වැඩිදුරටත් සදහන් කළේය..