පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා වලට ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25දා)නියම කළේය.
2014 ඔක්තෝබර් 31 වැනිදාත්, දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78ක් වටිනා ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර මෙලෙස චෝදනා ලබා සිටිනුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
