එජාපෙ අය බය වෙන්න එපා ඡන්දෙන් පස්සෙ ජනාධිපති අගමැති එකතු වෙනවා

එජාපෙ අය බය වෙන්න එපා ඡන්දෙන් පස්සෙ ජනාධිපති අගමැති එකතු වෙනවා
Spread the love

පෙබරවාරි 10 මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකතුවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (28) යටිනුවර පැවැති උත්සවයක් අමතමිනි පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මම එක්සත්ජාතික පක්ෂයෙ අයට කියන්නෙ කලබල වෙන්න එපා මැතිවරණ කාලයන් තුළදී කරන ප්‍රකාශ සම්බන්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම ඡන්දය ඉල්ලනව. මහින්ද රාජපක්ෂ මහත්තයත් වෙනම ඡන්දෙ ඉල්ලනව. අපිත් වෙනම ඉල්ලනව. ඒ අයගෙ ඡන්ද ගොඩ වැඩි කරගන්න බැණ ගන්නව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අපිට බනිනව. පොහොට්ටුවත් අපිට බනිනව. ඒ අයගෙ ගොඩ වැඩි කරගන්න, තමන්ගෙ ගොඩ වැඩි කරගන්න කියන කතාවලට තමුන්නාන්සේලා බිය විය යුතු නෑ”