මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී මහත්මයකු ලෙස හැසිරෙන ලෙස ධනුෂ්කට ICC යෙන් අවවාද

මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී මහත්මයකු ලෙස හැසිරෙන ලෙස ධනුෂ්කට ICC යෙන් අවවාද
Spread the love

 පෙරේදා (27) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ආවේගශීලීව හැසිරීම නිසා  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් අවවාද කර තිබේ. 

ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත කරමින්, කියාවන් සිදුකරමින් ආවේගශීලී ලෙස හැසිරීම ධනුෂ්කට එරෙහිව ඇති චෝදනාව වන අතර ඔහු වරද පිළිගන ඇත.

  ධනුෂ්කගේ පළමු වරද හේතුවෙන් ඔහුට දඬයක් පනවා නොමැති අතර ධනුෂ්කගේ විනය ලකුණුවලට සෘණාත්මක ලකුණුක් එක්ව ඇත.