ඊයේ (28) බදුල්ලේ පැවැති ජනහමුවකදී තේ හා ගම්මිරිස් ප්‍රති අපනයනය තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එහිදී,
“ තේ ප්‍රතිඅපනයන මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ගම්මිරිස් මිල පහත ගොස් තිබෙන්නේත් ප්‍රතිඅපනයනය නිසා. පෙබරවාරි 10 න් පස්සේ මම එතනටත් අත තියනවා. මම ගම්මිරිස් ප්‍රති අපනයනත් නවත්වනවා. අර්තාපල් සඳහා 50%ක බදු නිදහසක් දුන්නේ මම. බීජ අර්තාපල් සඳහා දැන් තිබෙන සහනය සියයට 50. එය මම 100%ක් දක්වා පත්කරනවා.” යනුවෙන්ද ජනපති තුමන් විසින් වැඩි දුරටත් පවසන ලදී.

