පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට

පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට
Spread the love

පෙරේදා (27) වැල්ලවාය නගරයේ පැවැති මහින්ද රාඡපක්ෂ මහතා පැමිණෙන ජනහමුවකට සහභාගී වීමට පැමිණි, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් තණමල්විල සිට ධාවනය වූ මෝටර් රථයක් වැලල්වාය, තණමල්විල මාර්ගයේ 38 කණුව ආසන්නයේ බදුල්ල සිට තනමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මොටර් රථයක ගමන්ගත් සිවුදෙනෙකු මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුරින් ගාල්ල හා කිරම ප්‍රදේශවල පදිංචි මෝටර් රථයේ ගමන්ගත් දිලිප් රංගජිත් පෙරේරා (42) දේශාන් වීරසේකර (38)ජී. ඒ. අනුරාධ ගඡවීර (43) එම්. ආර්. චමින්ද (37) යන අය  මියගිය අතර, රවීන් ක්‍රිෂාන් වර්ණවීර හා ලියනග තරංග යන අය තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරිණු අතර බස්රථයේ ගමන්ගත් මගීන් තිදෙනෙකුද මින් තුවාල ලැබූ අතර, මෝටර් රථයේ සිරවී සිටි පුද්ගලයන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හා කුඩාඔය පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

මෝටර් රථයේ අධික වේගය නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.