ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න අවශ්‍ය උනොත් ‘ශ්‍රීලනිප’ ය ඇමතිධූර අත්හරින බව කියයි

ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න අවශ්‍ය උනොත් ‘ශ්‍රීලනිප’ ය ඇමතිධූර අත්හරින බව කියයි
Spread the love

ආණ්ඩුවක් පිහිටුවීමක් පිළිබඳ ජනාධිපතිවරයා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ සන්ධානයේ සියලුදෙනා එක්වන්නේ නම් ඇමති ධුර අත්හැරීමට ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස සූදානම් බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ මාතර පැවති ජන හමුවකට එක්වෙමින්. 

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ මන්ත්‍රිවරු සියලු දෙනා එකතු වෙලා එකට කියනවා නම්…එකට වාඩි වෙනවා නම්..අපිට හෙට උදේ ආණ්ඩුවක් හදන්න පුළුවන්. එහෙම තත්ත්වය ඇති වුණොත් අපි හෙට මේ ඇමතිධූරවලින් අයින් වෙලා ඇමති මණ්ඩලය සංශෝධනය කරන්න කියනවා ජනාධිපතිතුමාට අවශ්‍ය විදිහට. දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ ඒ ආණ්ඩුව හදනවා නම් ඒකට එකතු වෙන්න. අපි මේ ආණ්ඩුවේ ඉන්නේ ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නයි.” යනුවෙන් එහිදී සඳහන් කෙරුණා.