මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා අදටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල

මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා අදටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල
Spread the love

එජාපය දුර්වලම තත්වයක පවතින අවධියේ තමුන් පක්ෂය හැර නොගිය බවත්  හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ අනුශාශක ධුරය දරමින්  වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කරමින් පක්ෂද්‍රෝහීව ක්‍රියාකරන බවත්  නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  මහතා එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පස්ගොඩ කිරිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ,

“මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා දිව්වට එතුමා එතුමාගේ පක්ෂයෙන්ද දුවන්නේ කියලා ඉස්සෙල්ලා අහල බලන්න ඕන.අදටත් ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුව කියන පක්ෂයකට චන්දේ දෙන්න කියලා.මම දන්නේ නැහැ මම නම් අපේ පක්ෂය දරුණුම තත්වයකට වැටිච්ච 2010 මැතිවරණයත් එක්ක දුර්වලම තැනකට වැටුණා.මම පක්ෂයට ගරු කළා.පක්ෂයට විනයක් තියෙන නිසා පක්ෂයට ප්‍රතිපත්තියක් තියෙන නිසා.අපි පැරදිලා හිටියත් මම ඒ පක්ෂයක ඉන්නම් කියලා මම හිටියා.තමුන්නාන්සේලා බොහෝ දෙනෙක් එහෙමයි.ඒ වෙලාවේ ඒ ප්‍රතිපත්තියට ගරු කළා.මේ පක්ෂය වැඩ කළා.ඉදිරියටත් වැඩ කරන්න හදනවා.දැන් දුර්වල කාලයක් කියලා පැනලා වෙනින් මොකක්හරි අරගෙන පක්ෂයට ද්‍රෝහිකම් කරන්න ගියේ නැහැ.

අද මේ පක්ෂයේ හිටපු නායකයෙක් මෙහෙම කරන්නේ.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකතුමා.වැඩිකාලයක් නෙමෙයි 2015 කළින්.එහෙම දෙයක් කරන්න පුලුවන්ද?..එහෙම දෙයක් කරන්න පුලුවන්නම් මට හිතාගන්න පුළුවන් තමුන්නාන්සේලාට කොහොම කරන්න පුලුවන්ද කියලා.”