කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදුවිය.
කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව පංචතූර්ය වාදන හා පිරිත් සච්ජායනා මධ්‍යයේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළේය.
කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඛෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමිපාණන් ප්රමුඛ මහා සංඝරත්නය සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ සහ කොළොන්නාව ශ්‍රීලනිප ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද මෙම පූජනීය අවස්ථාවට එක්වූහ.



