ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය ඉතා බරපතල අන්දමින් බිඳවැටී ඇති බවත් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර කළු බැඳුම්කර ලෙස ජාත්‍යන්තරය හඳුන්වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කලේය.
ලබන 06 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බැඳුම්කර විවාදයේදී තමන්ට වැඩි කාල වේලාවක් ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ලබන සඳුදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.