මේ වසරේ සිට ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියක් ආරම්භ කරනවා

මේ වසරේ සිට ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියක් ආරම්භ කරනවා
Spread the love

පන්දුවාර විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් නොපවත්වන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ ක්‍රිකට් සභාපතිවරයා දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් මේ වස‍රේ එයද අරඹන බව ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

2019 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සුරක්ෂිත ගමනක් යන බවත් එබැවින් දක්ෂතා දැක්වීමේ වේගය ගැන දැන්ම කිසිවෙකු කලබල නොවිය යුතු බවත්  ලෝකයේ සෑම ක්‍රිකට් කණ්ඩායමක් ම විවිධ අවස්ථාවල යම් යම් පසුබෑම් වලට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් මිස අපට පමණක් බල නොපාන බවත් එහෙත් කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරීමෙන් එම පසුබැසීම් වලක්වා ගත හැකි බව පැවසූ සුමතිපාල මහතා මේ වසර අවසානයේ එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟාවලියේ දී එම ප්‍රතිසංවිධානය වීම්  තුළින් අපට පැහැදිලි ඉලක්කයක් වෙත යෙමු විය හැකි බවද වැඩිදුරටත්  කියා සිටියේය.