හවුල් ආණ්ඩුව මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට ජනපති හා අගමැති එකඟ වේ

හවුල් ආණ්ඩුව මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට ජනපති හා අගමැති එකඟ වේ
Spread the love

ඊයේ (10) පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව  බහුතර පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද සමස්ථ ප්‍රථිපලය නිරීක්ෂණය කල විට  2015 මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් පැවති ඡන්ද පදනම එසේම පවතින බවත් මහින්ද රාජපක්ෂ වටා ඇති ඡන්ද පදනම 2015 ට වඩා සපේක්ෂව අඩුවී ඇති බවත් ඒ මගින් වත්මන් රජය කෙරෙහි ඇති ජනපදනම නොඅඩුව පවතන බව නිගමනය කල හැකි අතර පළාත් පාලන ආයතන 100 ක් පමණ ශ්‍රීලනිප සහ එජාප එකඟතාව මත බලය පිහිටුවීමට කටයුතු කරන බවට දෙපාර්ශවමය අද පැවති හදිසි සාකච්ඡාවේදී  එකඟ වී ඇත.

පළාත් පාලන ආයතන බහුතරයක් පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කලද සම්මුතිවාදී ආණ්ඩුව ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වාගෙන යාමට ජනපති මෛත්‍රි සහ අගමැති රනිල් අතර එහිදී විශේෂ  එකඟතාවක් ඇතිවී ඇත.

මෙහිදී ජනපති මෛත්‍රී විසින් මෙම ජනබලය  සම්මුති පාලනයට එරෙහිව ලබා දී ඇතැයි සිතන ඕනෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මැති ඇමති වරයෙකුට කිසිම භාධාවකින් තොරව රජයෙන් ඉවත්වී යා හැකි බව අවධාරනය කර ඇති අතර ඉදිරියේ ඉතා දැඩි දේශපාලනමය තීන්දු තීරණ රැසක් ගැනීමට ජනපති හා අගමැති එකඟ වි ඇත.