කාට වුනත් සහය දෙන්නෙ අපේ ප්‍රතිපත්ති පිළිගත්තොත් විතරයි

කාට වුනත් සහය දෙන්නෙ අපේ ප්‍රතිපත්ති පිළිගත්තොත් විතරයි
Spread the love
පෙරේදා (11) නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ද පැවති බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ. 
ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර පැවති ජාතික ආණ්ඩුව සඳහා වූ ගිවිසුම පසුගිය ජනවාරි මස 31 වනදායින් අවසන් වී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වහාම තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි එක්සත් ජාතික පක්ෂ ජනතා නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාට බලකර ඇත.
මේ කරුණු කාරණා අතර දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් වීමත් සමඟ මාධ්‍ය මගින් සේ සම්බන්ධව දෙමළ ජාතික සන්ධනයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජීලිංගම්ගෙන්  විමිසීම් කල විට ඔහු කියා සිටියේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් ආරාධනා කරන ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩු බලය පිිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදීමට කටයුතු කරන බවයි.
එවැනි කිසිඳු ඉල්ලීමක් මෙතෙක් කිසිඳු පාර්ශ්වයකින් ලැබී නොමැති බවත් එම තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් එම පක්සයේ නායක ආර් සම්බන්දන්  මහතා ද ප්‍රකාශ කර ඇත.