මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ

මෙවර අයවැයෙන් පළාත් පාලන සභිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීමට මුදල් වෙන් වී නෑ
Spread the love

පළාත් පාලන ආයතන සඳහා පත් වූ සභිකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට මෙතෙක් මුදලක් වෙන් වීනැතැයිවාර්තා වේ.අයවැය තුළින් අදාළ මුදල් වෙන්කිරීම සිදුකළ යුතු වුවද, පසුගිය අයවැය තුළින් මේ සඳහා මුදල් වෙන්කර නැතැයිද දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.මෙම මුදල්සහ පළාත් පාලන ආයතන සඳහා පහසුකම් ඇති කිරීමට අවශ්‍ය මුදල් මධ්‍යම රජය විසින් වෙන් කළ යුතු වන අතර පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන බලතල අනුව සභිකයන්ට ලබාදෙන දීමනා ප්‍රමාණය පිළිබඳ සභාවට තීරණයක් ගැනීමට හැකියාව තිබේ.

වතිමන් ක්‍රමවේදයට අනුව ප්‍රාදේශිය සභාවක සභාපතිවරයෙකුට මාසිකව රුපියල් 25,000කට අධික මුදලක් සහ නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 25000 – 30,000අතර වැටුපක් ගෙවිය යුතුය.උප සභාපතිවරයෙකු හෝ උප නගරාධිපතිවරයෙකුට මාසිකව රුපියල් 20,000ක් වැටුප ලෙස ලබාදීමට සිදුවේ.මීට අමතරව මන්ත්‍රීවරයෙකුට රුපියල් 15,000ක මුදලක් ලබාදීමට සිදුවන අතර, මෙම සියලුම දෙනාට දුරකථන හා පැමිණීම හෝ වෙනත් දීමනා වශයෙන් එක් අයෙකුට රුපියල් 3000කට වැඩි මුදලක් ගෙවිය යුතුය.

පොදුවේ ජනතාවගේ ජන්දයෙන් හා ලැයිස්තුවෙන් තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් 8325ක ප්‍රමාණයට හා ප්‍රසාද ආසන ලෙස අලුතින් එකතු වීමට නියමිත මන්ත්‍රී ධුර 200 සඳහා වැටුප් හා දීමනා ලබාදීමට මාසිකව රුපියල් මිලියන 182.8ක මුදලක් අවශ්‍ය වන බවට ගණන් බලා තිබේ.