මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ අනාගත සභාපති සහ උපසභාපති කවුරුන්ද යන්නපක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13)පැවැති රැස්වීමේදි තීරණයක් ගත් බව හිටපු පළාත් සභා මන්ත‍්‍රීඉදුනිල් ශාන්ත ගුණසේන අද (14)මාධ්‍ය වෙත සඳහන් කළා.
ඒ අනුව මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවට මෙවර පොදුජන පෙරමුණින් තරග කරන ලද කේ.ජි පියතිස්ස සභාපති ලෙසත් උප සභාපති තනතුර වෙනුවෙන් එ.ජ.නි.ස හිගුල්ඔය කොට්ඨාශයෙන් තරග කරන ලද එම්.එස්.එම් කාමිල්තෝරා ගත් බවත් සඳහන් කළා.
හිටපු පළාත් සභා මන්ත‍්‍රී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාවනැල්ල ප‍්‍රධාන සංවිධායක ඉදුනිල් ශාන්ත ගුණසේන සහ එ.ජ.නි.ස. හිටපු ජ්‍යෙෂ්ඨඅමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අතර පැවැතිදිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයන්ට එළඹ තිබෙනවා.
ඒ අනුව මෙවර ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රීධූර 16 බැගින් ලබා ගෙන තිබුණා. ඒ අනුව සභාවේ බලය පිහිට විමට එ.ජ.නි.ස. සමග මෙමපක්ෂ දෙකෙන් එක් පක්ෂයකට සන්ධාන ගත වීමට සිදුවන බැවින් ඒ අනුව මෙම සන්ධාන ගත වීමේදී එ.ජ.නි.ස. විසින් පොදුජන පෙරමුණට සන්ධාන ගත විමට කැමැත්ත පළ කර තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකාපොදුජන පෙරමුණ සහ එ.ජ.නි.ස. සන්ධාන ගතව අනාගත මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ බලය තහවුරු කර ගනිමින් පාලන කටයුතු මෙහෙය වීමටයි සුදානම් වන්නේ.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියලූ පළාත් පාලන ආයතන පොදුජන පෙරමුණ ජය ලබද්දි මාවනැල්ල පමණක් ජන්ද 830 කින් පොදුජන පෙරමුණ පරාජය වුයේ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද යම් යම් වංචනික ජන්ද නිතී කැඩිම් යනාදිය නිසා බවයි මෙහිදී පෙන්වා දුන්නේ.

