අද හවස 5න් වේලාව අවසන්.. – නොසිතූ දේශපාලන පෙරළියකට සියල්ල සූදානම්..?

අද හවස 5න් වේලාව අවසන්.. – නොසිතූ දේශපාලන පෙරළියකට සියල්ල සූදානම්..?
Spread the love

එජාපයෙන් තනි ආණ්ඩුවක් නම් අද සවස 5.00 වනවිට තීරණය දන්වන්නැයි ජනපති කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (13දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණ දැනුම්දී තිබේ.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත් කර තිබෙන අතර,එම කමිටුවේ තීරණය අද සවස්වනවිට ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිතය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වය යටතේ කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වෙන  ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් එකඟතාව ලැබී ඇතැයි වාර්තා වෙයි.

ඊයේ සවස එජනිස අමාත්‍යවරුන් සහ මන්ත්‍රිවරුන් හමුවී කළ සාකච්ඡාවෙන් පසුව ආණ්ඩුවක් සඳහා යෝජනාක් ඉදිරිපත්  වී තිබෙන බවත්, එම තීරණය මහින්ද රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පක්ෂ නායකයිනට  දැනුම් දුන් පසුව කොන්දේසි කිහිපයකට යටත්ව එකඟතාව ලැබී තිබේ.

ඒ අනුව කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර  ඒ සඳහා අනුමැතිය ලැබෙයි නම් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට  ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ යම් එකඟතාවයක් ඇතිවී තිබේයැයි වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමත් සමග අස්ථාවර දේශපාලන වාතාවරණයක් රටතුළ නිර්මාණය වූ අතර, යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සහ මැතිවරණයේදී වැඩි පාලන බලයක් ලැබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණබලවත් වීම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් හා ඇමතිවරුන් යහපාලනය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරිමත්,රනිල් වික්‍රමසිංහ අගමැතියරයා ලෙස කටයුතු කරන ආණ්ඩුවක සිටීමට අකමැතිවන දැන්වීමත් නිසා දේශපාලන අර්බුධයක් ඇතිවිය.

මේ හේතුවෙන් ස්ථාවර ආණ්ඩුවක් සහ අගමැතිවරයෙකු පත්කරගැනීමට නොහැකිවී තිබේ.

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයේ බලය සහ එජාප නායකත්වය රැකගැනීම සඳහාත්, එජාප ආණ්ඩුවක් පත්කරගැනීම සඳහාත් කටයුතු කිරීම තුළ ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සමග විවිධ මට්ටමේ සාකච්ඡා වාර ගණනාවක් පැවැත්විණි.

ඊයේ සවස යහපාලන ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්දානයේ ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දුන්හ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දරන කිසිදු ආණ්ඩුවකට තමන් සහයෝගය නොදක්වන බවද ඔවුහු දන්වා සිටියහ.

ඊයේ දිනය තුළදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රීකණ්ඩායම රැස්වී පැවැත්වූ  විශේෂ සාකච්ඡාවකදී එජාපයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කළහොත් එම උත්සහය පරාජය කිරීම සඳහා එජනිස මන්ත්‍රි කණ්ඩායම සමඟ සන්ධානගත වීමටද අවශ්‍යනම් කටයුතු කිරීමටද මෙහිදි  සාකච්ඡා කර තිබේ.

එසේම එම සාකච්ඡාවේදී ගනු ලැබූ තවත් තීරණයක් වූයේ පොදුජන පෙරමුණට ලැබී තිබෙන ගමේ බලය රඳවා ගැනීම සඳහා නිවැරදි නගරාධිපතිවරුන්,සභාපතිවරුන් හා අනෙකුත් පත්කරගැනීම් සිදුකිරීම සඳහා චමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් පත් කරගැනීමය.

මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය රටේ බලතුලනය පිළිබදව වෙන වෙනම සාකච්ඡා පවත්වමින් සිටිති.

මේ හේතුවෙන් මැතිවරණයෙන් පසුව ගතවූ දින හතරක කාලය තුළ රට අරාජික තත්ත්වයකට පත්වී තිබෙන අතර, මෙම සාකච්ඡවල අරමුණ විය යුත්තේ මෙම අරාජිකත්වය වළක්වා ගැනීමය.  එසේ නොවුනහොත් රටේ ආර්ථිකය මෙන්ම ඉදිරි ගමනද පසුපසට යෑම වැළැක්විය නොහැකිය.