අමරපුර මහනායක හිමියෝ අපවත්වෙති… ආදාහන පුජෝත්සවය 06වැනිදා

Spread the love

අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියන් අපවත්වී තිබෙන අතර භාෂා විශාරදයෙකු වන උන්වහන්සේගේ ඉමහත් ශාසනික සේවාව අගයා මේ වසර ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් උපහාර උළෙලක්ද පැවැත්විණි.

ඥානිස්සර හිමියන් අපවත්වන විට 102 වන වියේ පසුවූ අතර ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන හය වැනිදා සිදු කෙරෙනවා.
.
ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තීරණය කිරීමට විශේෂ සාකච්චාවක් අද…

මේ අතර මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය අද පස්වරු හතේ සිට පාගොඩ විද්‍යා විජයාරාමයේ තැන්පත් කර තැබෙනු ඇති.

දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරවයට පාත‍්‍ර වූ උන්වහන්සේ අමරපුර මහනිකායේ මහා නායක පදවියට පත්වූයේ 2002 වසරේදීයි.

[rns_reactions]