පොහොට්ටු අපේක්ෂකයාගේ මත්පැන් සාදයේදී පාසල් සිසුවෙකු අවසන් ගමන් යයි..!

පොහොට්ටු අපේක්ෂකයාගේ මත්පැන් සාදයේදී පාසල් සිසුවෙකු අවසන් ගමන් යයි..!
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ පාසල් සිසුන් 16 දෙනෙකු වෙනුවෙන් අදාළ අපේක්ෂකයා විසින් සිය ජයග‍්‍රහණයෙන් පසුව ඔයක් අසබඩ පැවැත්වූ මත්පැන් සාදය අතරවාරයේ එක් පාසල් සිසුවෙකු ඔයෙහි ගිලී මියගොස් ඇතැයි පින්දෙනිය පොලීසිය පවසයි.

පින්දෙනිය පොලිස් වසමේ කිවුල්දෙනිය, මානඇල්ල උඳුගොඩ ඔය සම්බන්ධ වන ස්ථානයේ මත්පැන් පානය කිරීමෙන් පසුව දිය නෑමට යෑමේදී මෙසේ මියගොස් ඇත්තේ පී.එච්. දමිත් සුරංග නම් වයස අවුරුදු 18ක තරුණයකි. 

එම පාසල් සිසුවා පලමුරේ, නියදුරුපොල, වරකාපොළ යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක 13 වසර ඉගෙනුම ලබමින් සිටිසිසුවෙකු බවද සඳහන් වේ.