බැදුම්කර සල්ලි කෝටි ගණනින් එජාප ආණ්ඩුවක් ගන්න විසිවෙයි..! සාකච්ඡා රැසක් හොර රහසේ..

බැදුම්කර සල්ලි කෝටි ගණනින් එජාප ආණ්ඩුවක් ගන්න විසිවෙයි..! සාකච්ඡා රැසක් හොර රහසේ..
Spread the love

මෙම තත්වය හේතුවෙන් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය,පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු තිබෙන අතර ඊයේ  රැස්වූ එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුව තනි එජාප ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

තනි එජාප ආණ්‌ඩුවක් සඳහා ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක්‌ ද එක්‌ වන බවට ඊයේ පස්‌වරුවේ තොරතුරු පළවී තිබිණි.එක්සත් ජාතික පක්ෂයට මේ වන පාර්ලිමේන්තුවේ හිමි මන්ත්‍රී ආසන ගණන 106ක් වන අතර බහුතරය ලබාගැනීමට නම් ඔවුන්ට තවත් මන්ත්‍රීධූර 07ක් අවශ්‍ය වී ඇත.

එම බහුතරය ලබාගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයේ ප්‍රබලයන් මේ වන විටත් සූදානම් වී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 03දෙනෙකු එක්කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව අප වෙත වාර්තාවෙයි.