එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එයට අනුමැතිය ලබා දී ඇත.ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඉන්පසු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයා පවසා ඇත.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශ්වය වෙත කියාසිට ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් ඔවුන්ගේෙ සහය ලබාදෙන බවත්ය.
