අගමැතිකම ගැන එජාපය – ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව තැන් තුනක සාකච්ඡා..

අගමැතිකම ගැන එජාපය – ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව තැන් තුනක සාකච්ඡා..
Spread the love

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තවත් රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්ද මේ වනවිට පැවැත්වෙනවා. 

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංවිධායකවරුන් ද අද කොළඹට කැඳවා තිබෙනවා. එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.