පවතින දේශපාලන තත්වය හමුවේ පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් අගමැති කම භාරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වන කරු ජයසුරිය මහතාට මේ වන විට දසතින් බලපෑම් එල්ල වෙමින් පවතින බවට වාර්තාවේ.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස තබාගනිමින් මෙම යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් දීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා දැනුම් දෙන ලදී.
එහෙත් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්නොවී බලහත්කාරයෙන් අගමැතිධුරයේ රැඳී සිටීම හේතුවෙන් මේ වන විට රටේ අස්ථාවර තත්වයක් මෙන්ම එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යෑමටද ආසන්න තත්වයක පවතී. මේ හේතුවෙන් මෙම දේශපාලන අර්බුදය සමනය කොට යහපාලන ආණ්ඩුව දිගටම පත්වාගෙන යෑම සඳහා කරු ජයසුරිය මහතාට වහාම අගමැතිධුරය ලබාදිය යුතු බවට එජාපයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දසතින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බවට වාර්තාවේ.
මෙම දේශපාලන අර්බුදය නිමාකිරීමටත්, වත්මන් යහපාලන ආණ්ඩුව පවත්ගෙන යෑමටත්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය තබාගැනීමටත් ඇති එකම විසඳුම මෙය බව දේශපාලන විචාරකයෝ මේ වන විට අදහස් පළකරමින් කියති.

