මහින්ද රනිල් ගිවිසුම රාජිතගේ කටින් පැනලා – අද වෙච්ච දේ මෙන්න..

මහින්ද රනිල් ගිවිසුම රාජිතගේ කටින් පැනලා – අද වෙච්ච දේ මෙන්න..
Spread the love

වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන ගජමිතුරු දේශපාලනය සහ ඩීල් ගැසීම දෙස්-විදෙස් සියලු දේශපාලඥයින් සහ ජනතාව අතර ප්‍රසිද්ධ රහසකි.

අද එය සාක්ෂි සහිතව දොස්තර රාජිත සේනාරත්නගේ කටින්ම සියලු මාධ්‍ය වෙත අනාවරණය විය.

අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසා ඇති අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි ද සදහන්. 

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.