20 20න් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

20 20න් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
Spread the love

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ පන්දුවාර 16යි පන්දු 4කදී විකට් 6ක් අතැතිවය.

මෙරට විස්සයි 20 තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ගණන හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ බංගලාදේශ කණ්ඩායම සමගින් අද පැවති පළමු විස්සයි 20 තරඟයේදියි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ  කඩුලු 5ක් දැවී ලකුනු 193ක් රැස් කළා.

ඒ බංගලාද්ශ කණ්ඩායමක් විස්සයි 20 තරඟයක වාර්තා කළ වැඩිම ළකුණු ගණනයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

සාර්ථක පිතිකරණය නියැලුනු කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ධනුෂ්ක ගුණතිලක,තිසර පෙරේරා, සහ දසුන් ශානකද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ කුසල් මෙන්ඩිස් හටයි.