අධිකරණ නියෝග කඩකල රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු

අධිකරණ නියෝග කඩකල රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු
Spread the love

අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධ නඩුවකට නොපැමිණියැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය.

මේ වන විට රිමාන්ඩ් කරනු ලැබ සිටින එම නඩුවේ සැකකරුවන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට අප්‍රේල් 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස බන්ධනාගාරය හරහා දැනුම් දෙන්නැයි ද නියෝග කෙරිණි.