ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබූ අතර අද(16) මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසට ගොස් ඇති බවට මාධ්‍ය වාර්ථා කරයි.
ඉහත සඳහන් කල ගිවිසුම හා අද මේ හදිසියේ හමුව අතර සම්බන්ධයක් ඇතැයි දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරමින් සිටී.
