‘රනිල් අයින් කරලා ආණ්ඩු හදන්න එන්න’ : නි ඇමති රන්ජන්ට ජනපති මෛත්‍රි කියයි.

‘රනිල් අයින් කරලා ආණ්ඩු හදන්න එන්න’ : නි ඇමති රන්ජන්ට ජනපති මෛත්‍රි කියයි.
Spread the love

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16දා) පෙරවරුවේ පැවැතියේය. මෙහිදි එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රන්ජන් රාමනායක මහතා තවදුරටත් උත්සාහ ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මෙහිදී ජනපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්කරගෙන සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසයි.