දිනේෂ් සහ සුසිල් සුසංයෝගය සාර්ථකයි.. අලුත් ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල..

දිනේෂ් සහ සුසිල් සුසංයෝගය සාර්ථකයි.. අලුත් ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල..
Spread the love

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටී. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් අගමැති සටනට එක්‌ව සිටින්නේ නිමල් සිරිපාල ඇමැතිවරයාය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ 113ක බහුතර බලය පෙන්වන පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධුරය සහිත ආණ්ඩුව පිහිටුවීමට ඔහුගේ අනුමැතිය හා සහාය ලබාදෙන බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත සහ දිනේෂ් ගුණවර්ධන නිමල් සිරිපාල මහතා හට අගමැතිධුරය ලබාදීම සදහා දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින අතර මේ දේපල අද (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව සදහන්.

මේ වන විට වාර්තා වන තොරතුරු අනුව දෙපාර්ශවයම සන්ධාන ආණ්ඩුවක් සඳහා කැමැත්ත පළකර ඇති බව වාර්තාවෙයි.එහි අගමැතිධූරය නිමල් සිරිපාල සිල්වාට හිමිවනු ඇත.

එසේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 23දෙනෙකු ඉන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.