රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා.ඒ අනුව අදාල ඇමතුම සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් අදාල දුරකතන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ඇමතුමට සම්බන්ධව කාර්මික උපකරණ හා කුලූණු පිළිබඳ සටහන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගනිමින් 1979 ආක 15 දරණ අපරාද නඩු විධාන සංග‍්‍රහ පනතේ 134 වගන්තිය ප‍්‍රකාරව අදාල දුරකතන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

