දියවූ දියවූ මටම දියවූ. දෙඅත්තකණ්ඩියේ සභාපතිධුරය ඉල්ලා උපාධිධාරියා අට්ටාලයේ උපවාසයක.

දියවූ දියවූ මටම දියවූ. දෙඅත්තකණ්ඩියේ සභාපතිධුරය ඉල්ලා උපාධිධාරියා අට්ටාලයේ උපවාසයක.
Spread the love

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු  ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා  (16) නවමැදගම නගරය මැද අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කළේය.

අජිත් රෝහණ සිල්වා නම්වූ මෙම මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නව මැදගම  කුඩාගම කොට්ටාසය ජයග්‍රහණය කර ඇත.

“මීට ඉහත අවස්ථා තුනකදී මම ප්‍රාදේශීය සභාවට තේරී පත්වුණා.මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඡන්ද 1100ක් අරගෙන ජයග්‍රහණය කළා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ  සභාපති ධූරයට සුදුසු  මමයි.මම  විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ  උපාධිධාරියෙක්.එසේ තිබියදී දිගාමඩුල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක් මැදිහත්වී නවක මන්ත්‍රීවරයෙකුට දෙහිඅත්තකණ්ඩිය ප්‍ර‍ෙදේශීය සභාවේ සභාපති ධූරය දෙන්න කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා.ඊට මම දැඩි විරෝධය දක්වනවා.“යැයි හෙතෙම පැවසීය.