නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…. මාස හයක් ඇතුලත කරන දේ මෙන්න..

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…. මාස හයක් ඇතුලත කරන දේ මෙන්න..
Spread the love

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වත්මන් රජයට එරෙහිජ ජනතාව තම ඡන්ද ප්‍රකාශ කිරීමට මූලිකම හේතුව  දූෂණ චෝදනාවන්ට සම්බන්ධ  පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් නොමැතිවීම බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙනවා. ඔහු මේ බව කියා සිටි‍යේ අද  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව  මාධ්‍යට කරුණු දක්වමින්.

එසේම තමන්ට  නීතිය හා සාමය අමාත්‍යධුරය ලබා දෙන්නේනම්   මාස හයක් ඇතුළත්  දූෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් සකස්කර  ජනතා අපේක්ෂාවන් ඉටු කරන බව ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍යයට කරුණු පැහැදිලි කල සරත් ෆොන්සේකා  සම්මුති රජය අනිවාර්යයෙන් ඉදිරියට පවත්වාගෙන යන බවත් එහි කිසිඳු ගැටළුවන් නොමැති බවත් ප්‍රකාශ කලා.

යම් යම් පුද්ගලික මත දරන අය සිටියද එක්සත් ජාතික පක්ෂය තුල කිසඳු  ප්‍රශ්නයක් නොමැති බව පෙන්වාදුන් ඔහු රටක් ලෙස ඉදිරියට යෑම සඳහා විපක්ෂයක්  අවශ්‍ය බවත් ඒ සඳහා  ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවත් පෙන්වා දෙනවා.