සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පනදුවාර 20 යි 20 තරගාවලියේ වීරයා සහ දෙවන තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් ඊයේ (18) සමත්වුණා.
ශී‍්‍ර ලංකාව පන්දුවාර 20 තරගාවලිය ජය ගත්තේ 2 ට 0ක් ලෙසයි.
අබාධයට ලක්වූ කුසල් ජනිත් වෙනුවට 20යි 20 සංචිතයට අවසන් මොහොතේ කැඳවූ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක වීම කි‍්‍රකට් විචාරකයින්ගේ කතා බහට ලක්ව තිබෙනවා. ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කී‍්‍රඩකයින් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරිමද පැසසිය යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.
මෙවර බංග්ලාදේශ සංචාරයේදී තුන්කොන් එක්දින තරගාවලිය, ටෙස්ට් තරගාවලිය සහ පන්දු වාර 20 යි 20 තරගාවලිය ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම වසර ආරම්භයේදී පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළ පළමු කණ්ඩායමද ශී‍්‍ර ලංකාව වනවා.
ඊයේ මැච් එක බලපු නැති අයට විශේෂ අවස්ථා මෙන්න.
බංගලියන්ට කාලෙකට පස්සේ සිංහයන්ගෙන් අමතක නොවන පාඩමක්…ඊයේ මැච් එක බලපු නැති අයට විශේෂ අවස්ථා මෙන්න….
Posted by Supiri Gossip on Sunday, February 18, 2018

