සුමන්තිරම්ගේ බලපෑම මත එම්මානුවේල් ආනෝල්ඩ් යාපනය මහනගරාධිපති වෙයි

සුමන්තිරම්ගේ බලපෑම මත එම්මානුවේල් ආනෝල්ඩ් යාපනය මහනගරාධිපති වෙයි
Spread the love

යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සොලමන් සිරිල් නැමත්තා සුදුසු බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් නම් කළඅවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වසින් පවසා ඇත්තේ සොලමන් සිරිල්ට වඩා යාපනයේ ජනතාවගේ කැමත්ත ප්‍රකාශ කොට ඇත්තේ එම්මානුවෙල් ආනෝල්ට බැවින් බහුතර ජනතාවගේ කැමත්තට ඉඩදිය යුතු බැවින් එම්මානුවෙල් යාපනය මහනගරාධිපති විය යුතු බවයි.

සමුන්තිරන් මහතා මේ බව පවසා ඇත්තේ යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සාමාජිකයින් විසින් පලාත් පාලන මැතිවරණයෙන් පසුව පලාත් පාලන අයාතනල පාලන කටයුතු සම්බන්ධයෙන් පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව අවසානයේදී එම රැස්වීමේදී යානපය මහනගරාධිපති වශයෙන් එම්මානුවේල් ආනොල්ඩ් සුදුසු බවට සෙසු සාමාජිකයින්ද කැමත්ත පලකොට ඇත.

එම්මානුවේල් ආනොල්ඩ් උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරයෙකු වශයෙන් කටයුතු කළ අතර පසුව පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඔහු එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී යාපනය මහනගරාධිපති වරණයට තරග කිරීමෙන් ජයගහනය කරනු ලැබීය.