මනාප ක්‍රමය ඉවතලා කොට්ඨාෂ කරමයට පැවැත්වූ මෙවර පළාත් පාළන මැතිවරණයෙන් පසුව සමහර පළාත් පාලන ආයතනවලට පත්ව ඇති සභිකයින් සංඛ්‍යාව ඒවායේ සේවයෙහි නිරත කම්කරුවන් පිරිස ද ඉක්මවා යන බවත් පත්ව සිටින සභිකයින් සංඛ්‍යාවන් පෙරට වඩා දෙගුණයක් වන බැවින් තම රැස්වීම් පැවැත්වීම සඳහා ශාලා කුලියට ගැනීමට පළාත් පාලන ආයතන උත්සාහ දරමින් සිටින බවත් වාර්තා වෙයි.
දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවට සභිකයින් 21 දෙනෙකු පත්ව සිටියදී, එහි සනීපාරක්ෂක කටයුතු සහ මාර්ග පිරිසිදු කිරීමට සිටින්නේ කම්කරුවන් 18 දෙනෙකු පමණක් වන අතර අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් 24 සිටියදී පත්ව සිටින සභිකයින් ගණන 25කි.
