සිය පක්ෂය සමග එක්වන බවට ඒකාබද්ධ විපක්ෂය වාචිකව ප‍්‍රකාශ කලද ඒ පිළිබඳව විශ්වාසය තබා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට නොහැකි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න අප වෙත කියා සිටියේ නව ආණ්ඩුවක් බිහිකිරීමට ඒකාබද්ධ විපක්ෂය වගකීමක් ගත යුතු බවයි.
මේ පිළිබඳව අප ඒකාබද්ධ විපක්ෂයෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ අග‍්‍රාමාත්‍යධූරයට පත්වන පුද්ගලයා අනුව තනතුරු භාරගැනීම තීරණය වන බවයි.

