පාර්ලීමේන්තුවේදි ලිංගික ඇසුර තහනම් ” – අගමැතිගෙන් තද නිතීයක් .!

පාර්ලීමේන්තුවේදි ලිංගික ඇසුර තහනම් ” – අගමැතිගෙන් තද නිතීයක් .!
Spread the love

සිය කැබිනට්‌ මණ්‌ඩලයේ අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්‌ඩලයේ සේවකයන් සමග ලිංගික පහස ලැබීම තහනම් කරන බවට ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසනවා. ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මේ බව නිවේදනය කළේ, ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරයා සිය කාර්ය මණ්‌ඩලයේ හිටපු සාමාජිකාවක සමග ලිංගික සබඳතාවක්‌ පැවැත්වූ බව අනාවරණය වීමෙන් අනතුරුවය. 
 
මාධ්‍ය හමුවක්‌ අමතා අදහස්‌ දැක්‌වූ අගමැති මැල්කම් ටර්න්බුල්, නියෝජ්‍ය අගමැති බානබි ජොයිස්‌ගේ හැසිරීම හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කිරීම ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානය දිනාගෙන තිබේ.  උප අගමැතිවරයා අමාත්‍යවරුන් සම්බන්ධ ආචාර ධර්ම උල්ලංඝනය කළේ දැයි විමර්ශනය කෙරෙන තුරු ඔහු තාවකාලිකව නිවාඩු ලබාගෙන තිබීමද විශේෂත්වයකි.
 
නියෝජ්‍ය අගමැති බානබි ජොයිස්‌ ඔස්‌ටේ්‍රලියාවේ පවතින නීතිය උල්ලංඝනය කර නැති බව නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම අගමැතිවරයා ද අවධාරණය කර තිබුනේය එහෙත් අගමැතිවරයා පවසන්නේ මින් අනතුරුව අමාත්‍යවරුන්ට දැනට වඩා දැඩි ආචාර ධර්ම පද්ධතියක්‌ හඳුන්වා දෙන බවය. 

මේ පිළිබදව අදහස් දක්වමින් එරට අගමැතිවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ  “ඇමැතිවරු ඒ ආචාර ධර්ම පද්ධතියට අනුකූලව හැසිරිය යුතුයි. ඔවුන් තමන්ගේ කාර්ය මණ්‌ඩලය සමග ලිංගිකව නොහැසිරිය යුතුයි,”  යනුවෙනි. ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා සහ ඔහුගේ හිටපු මාධ්‍ය උපදේශිකාව විකී චැම්පියන් අතර සම්බන්ධතාව හෙළිදරවුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඔස්‌ටේ්‍රලියානු දේශපාලන ක්‌ෂේත්‍රයේ ප්‍රබල සංවාදයක්‌ මතු කර තිබේ.