දිනේෂ්ගේ ඉල්ලීමෙන් වර්තමාන දේශපාලනය ගැන විවාදයක්.. පක්ෂ නායකයින් එකඟ වෙයි

දිනේෂ්ගේ ඉල්ලීමෙන් වර්තමාන දේශපාලනය ගැන විවාදයක්..  පක්ෂ නායකයින් එකඟ වෙයි
Spread the love

ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව අනුව අද (19) පස්වරු 4.00 සිට රාත්‍රි 7.00 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාද කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව පළ වී තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු මොහොතේ දී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

ඒ අනුවයි යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා සභාවේ කටයුතු විනාඩි 15කට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේ.

එහිදී මෙම එකඟතාවයන්ට පැමිණ තිබෙනවා.