එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් කොටියක්..!! මන්ත්‍රීවරු මුදලට විකිණෙන හැටි මෙන්න..!

එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් කොටියක්..!! මන්ත්‍රීවරු මුදලට විකිණෙන හැටි මෙන්න..!
Spread the love

සුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හැටන් දික්ඔය නගර සභාවට ඉදිරිපත් වූ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

හැටන් දික්ඔය නගර සභාවේ ප්‍රතිඵලයට අනුව  එක්සත් ජාතික පක්ෂයට ආසන 07 ක් ,ලංකා කම්කරු කොංග්‍රසයට ආසන 06 ක් දිනාගත් අතර  ප්‍රසාද ආසන ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ආසන 02 ක් හා කොමියුනිස්ට් පක්ෂයට ප්‍රසාද ආසන 01 ක් හිමිවුනා.

එම ප්‍රතිඵලයට අනුව කිසිඳු දේශපාලන පක්ෂයකට තනිව බලය පිහිටුවිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා ප්‍රභල ඇමතිවරුන්ගේ ලේකම්වරු බව පවසමින් මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවා බලය පිහිටුවීමට උත්සාහයක නිරතවන බව අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට දුරකතනය ඔස්සේ අමතා එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් රුපියල් කොටියක් ගෙවීමට යෝජනා කර තිබෙනවා.

හැටන් දික්ඔය නගර සභාවේ නිල ප්‍රතිඵලය.