පසුගියදා පැවති ඡන්ද විමසීමේදී සමහර පළාත් පාලන ආයතනවලට පත්ව ඇති සභිකයින් සංඛ්‍යාව ඒවායේ සේවයෙහි නිරත කම්කරුවන් පිරිස ද ඉක්මවා යන බව අප කල සමීක්ෂණයකින් හෙළි වේ.
මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සභා බහුතරයක සිටින කම්කරුවන් සංඛ්‍යාවට වඩා පත්ව සිටින සභිකයින් සංඛ්‍යාව වැඩි වේ.
දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවට සභිකයින් 21 දෙනෙකු පත්ව සිටියදී, එහි සනීපාරක්ෂක කටයුතු සහ මාර්ග පිරිසිදු කිරීමට සිටින්නේ කම්කරුවන් 18 දෙනෙකු පමණි.
අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් 24 සිටියදී පත්ව සිටින සභිකයින් ගණන 25කි.
මේ අතර, පත්ව සිටින සභිකයින් සංඛ්‍යාවන් පෙරට වඩා දෙගුණයක් වන බැවින් තම රැස්වීම් පැවැත්වීම සඳහා ශාලා කුලියට ගැනීමට පළාත් පාලන ආයතන උත්සාහ දරමින් සිටී.

