ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
අද (20) පස්වරු 01.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් විමසීමක් කර තිබේ.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද මෙහිදී අඳහස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ මේ සම්බන්ධයෙන්ද හෙට දිනයේදී දැනුම්දෙන බවයි.
ඒ අනුව මේ පිලිබඳව තමන්ට තොරතුරු වාර්තා වු පසු හෙට දිනයේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව කථානායකවරයා ප්‍රකාශ කර ඇත.
