මුහුණ පැහැපත් වන බව පවසමින් මිල, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය හෝ කාණ්ඩ අංක සඳහන් කර නොතිබූ නීති විරෝධී ලෙස විකිණූ මුහුණු ආලේපන තොගයක් පිටකොටුවේ වෙළඳසැල් දෙකකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පවසයි. මෙම ආලේපන තොගය රුපියල් ලක්ෂ 11 කට වැඩි වටිනාකමකින් යුත් බවත්, ඒවායේ බවත් පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.
එම ආලේපන එකක් රුපියල් 300 බැගින් අලෙවි කර ඇති අතර එක් වෙඳසැලකින් ආලේපන සහිත බහාලූම් 2,500 ක් හා අනෙක් වෙළඳසැලෙන් 1,300 ක් සොයාගත් බව ද සදහන්.