නව අවුරුදු සමයේ වෙළෙඳපොළ ගැටළු අවම කරමින් පාරිභෝගිකයා කූට වෙළෙඳුන්ගෙන් සහ වංචනික සේවා සපයන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති විසින් පාරිභෝගික අධිකාරියේ ඒ සම්බන්ධයෙන් සියලුම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සදහන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබාදී තිබේ.
එහිදී එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇත්තේ මේ වන විටත් දිවයින පුරා ඇති සියලු වෙළෙඳසැල් වැටලීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
යම් සේවා සපයන ස්ථානයක පාරිභෝගික නීති උල්ලංඝණය කරන්නේ නම් ඒ පිළිබඳව තම අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977 දුරකතන අංකයට දැනුම්දීමට ද පාරිභෝගිකයින්ට හැකියාව පවතින බව සභාපතිවරයා එහිදී පවසා ඇත.
[rns_reactions]