මහරගම පාලනය මාමයිට් බඩල්ගමට? මැතිවරණ සභාපති කියන කතාව

මහරගම පාලනය මාමයිට් බඩල්ගමට? මැතිවරණ සභාපති කියන කතාව
Spread the love
මහරගම නගර සභාව ජයග‍්‍රහණය කළ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින්ගේ පදිංචිය සම්බන්ධයෙන්, අද (22) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ප්‍රශ්න කළා. ස්වාධීන කණ්ඩායම් වලට තරග කර ජය ගත් අපේක්ෂකයින් අදාළ ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයේ තාවකාලික පදිංචිය අධිකරණය හමුවේ තහවුරු කිරීමට හැකිනම් ඔවුන්ගේ මන්තී‍්‍රධුරයට ගැටළුවක් නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කළේ.

මහරගම නගර සභාවේ බහුතර බලය හිමිකරගත් ස්වාධීන කණ්ඩායමේ බහුතර සභික පිරිසකගේ ලිපිනයන් ලෙස සටහන්ව තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම, මාමයිට් ජනපදයේ ලිපිනයන්ය.