තුවක්කු, බෝම්බ සමග හසුවූ එජාප මන්ත්‍රීට වරෙන්තු

තුවක්කු, බෝම්බ සමග හසුවූ එජාප මන්ත්‍රීට වරෙන්තු
Spread the love

සිය නිවසේ නීතිවිරෝධී ලෙස ගිනිඅවි තොගයක් ගබඩා කරගෙන සිටි බවට චෝදනා ලැබ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි ශාන්ත සිසිර කුමාර අබේසේකර අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් ඊයේ (22) වරෙන්තුවක් නිකුත් කළා.

2004 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී නිසි බලපත්‍රයක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැතිව ගිනි අවි කිහිපයක් සහ ඒවාට යොදන උණ්ඩ තොගයක් හා ජීව අත්බෝම්බයක් තම නිවසේ තබාගැනීමේ චෝදනාව මත සැකකරු ඇතුළු හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

හලාවත පොලීසිය විසින් මෙම ආයුධ තොගය සමග සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණත් ඉන් පස්දෙනෙකු වරද පිළිගත් නමුත් සැකාකර මන්ත්‍රීවරයා තමන් නිවැරදිකරු බව පැවසීම නිසා ඔහුට එරෙහිව නඩු විභාගයට නියම කර තිබෙනවා.