එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතුවී බහුතරය ලබාගත හැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදීත් ඉතිහාසයේ මෙවැනි බලය පිහිටුවීම් සිදුවී ඇති නිසා පළාත් පාලන ආයතනවලට එය සාමාන්‍ය තත්ත්වයක් බවද ඇමැතිවරයා කීය.
ආණ්‌ඩුව පිහිටුවා ඇත්තේද මෙම ප්‍රධාන පක්‍ෂ දෙක නිසා පළාත් පාලන ආයතනවලද බලය පිහිටුවීම ප්‍රධාන පක්‍ෂ දෙකට ගැටලුවක් නැති බව හෙතෙම කියා සිටියේය.
පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළත් බහුතරයක් නැතිනම් විපක්‍ෂයට බහුතරය පෙන්වා බලය පිහිටුවිය හැකි බවද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවැසීය.