සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයා මීග් යානා ගනුදෙනුවේ හවුල්කරුවෙක්..සාක්ෂි මෙන්න..

සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයා මීග් යානා ගනුදෙනුවේ හවුල්කරුවෙක්..සාක්ෂි මෙන්න..
Spread the love

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට මැදිහත්ව ක්‍රියාකර ඇතැයි, විමර්ශනවලින් හෙළි වන බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ නීතියට අවනතව ක්‍රියා කළ යුතු බව, අවධාරණය කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2006 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලයට ගැනීමේ දී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත්තේ 2015 මාර්තු 10 වැනි දිනයි. ඒ අනූව, අධිකරණයේ පෙනී සිටින්නැයි ඔහුට නොතීසි නිකුත් කෙරුණා. ඊට අවනත නොවූ ඔහුට පසුව විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබීය. උදයංග වීරතුංගගේ ගිණුම් 16ක් අත්හිටුවීමට අධිකරණය නියෝග කළා. ගිණුම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් පමණ. ඔහුට ජාත්‍යන්තර පොලීසිය විසින් නිල් නිවේදනයක් ද පසුව රතු නිවේදනයක් ද නිතුක් කර තිබුණා.

UW

2015 පෙබරවාරි 28 දිනෙන් උදයංග වීරතුංගගේ තානාපති සේවය අවසන් කර ඇතත්, රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය බාරදීමක් හෝ අවලංගු කරගැනීමක් සිදු නොකොට සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ද ලබා ගෙන තිබෙනවා. 2016 දී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඇත්තේ එය භාවිත කරමින්. එහි ගමන් බලපත් තහනම් කරන ලෙස මෙරට ආගමන විගමන පාලක වෙත කළ අධිකරණ නියෝගයට අනූව ඒවා තහනම් කෙරුණා. එවැනි විදේශ ගමන් බලපත්‍රයකින් ඩුබායි ගුවන් තොටපොළින් අමෙරිකාව බලා පිටත් වීමට උත්සාහ කළ උදයංග වීරතුංග එරට බලධාරීන්ගේ භාරයට පත්වූ බව අබුඩාබි ජාත්‍යන්තර පොලීසිය වාර්තා කළා. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් ක්‍රියා කරමින් සිටිනවා.

police-hq1512.jpg56

තම නිර්දෝෂීභාවය සඳහා කරුණු දැක්වීමේ අවස්ථාව ඔහුට තවදුරටත් ඇති බවයි, පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලිමේ ක්‍රියාවලියට අවනත වීමක් හෝ විමර්ශනයට සහය දැක්වීමක් සිදු නොකරන ඔහු නීතිය මඟහරමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි, පොලීසිය පවසනවා. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය නිදොස් බව ඔප්පු කිරීමට උත්සාහ ගැනීම පසෙක ලා අධිකරණයට ඉදිරිපත් වී එම අවස්ථාව ලබා ගන්නා ලෙස ද ශ්‍රී ලංකා පොලීසිය එම අවස්ථාව අවහිර කර නැතැයි ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.