දකුණු ඉන්දීය සුපිරි නළු කමල් හසන් ගෙන් දේශපාලන පක්ෂයක්….!

දකුණු ඉන්දීය සුපිරි නළු කමල් හසන් ගෙන් දේශපාලන පක්ෂයක්….!
Spread the love

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන කමල් හසන් සිය දේශපාලන පක්ෂය තමිල්නාඩුවේ එළදික්වා තිබේ.

හසන් විසින් මෙම නිවේදනය පසුගියදා මදුරායි හි දී ප්‍රසිද්ධියේ නිවේදනය කර ඇත.

තමා දේශපාලනයට අවතීර්ණ වන බව ඔහු පසුගිය ඔක්තෝබරයේදී නිවේදනය කළ අතර, ඔහු ගේ පක්ෂය මක්කල් නීධි මයියම් (Makkal Needhi Mayyam) ලෙස නම් කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් එහි ප්‍රධාන අමාත්‍යවරයා දක්වා ඉදිරියට යාම සිය අරමුණ බව ඔහු කියා සිටියි.

තමිල්නාඩු ප්‍රාන්තය තුළ නළු නිළියන් දේශපාලනයට අවතීර්ණ වූ පළමු වතාව මෙය නොවේ. ඔවුන් තිදෙනෙක් මහඇමති ධූරය පවා හෙබවීය.

මේ අතර, දකුණු ඉන්දීය සිනමාවේ තවත් දැවැන්තම තරුවක් වන රජ්නිකාන්ත් ද පසුගිය දෙසැම්බරයේදී පවසා සිටියේ 2021 පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන පක්ෂයක් ස්ථාපිත කරන බවයි.