ජනපති මෛත්‍රි සහ හිටපු ජනපති මහින්ද අතර දුරකතන සංවාදයක්..

ජනපති මෛත්‍රි සහ හිටපු ජනපති මහින්ද අතර දුරකතන සංවාදයක්..
Spread the love
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර දුරකතන සංවාදයක් සිදුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා. එහිදී වැඩි වශයෙන් අවධානයට යොමුව ඇත්තේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදවයි. 

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා. එහිදීද වැඩි වශයෙන් අවධානය යොමුකර තිබුණේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදවයි.