දියතලාව ප්‍රදේශයේ බස් රථයක පිපීරීමක් හට ගැනීමත් සමග මෙම පිපිරීම පිළිබදව විවිධ කටකතා සමාජයේ පැතිරුනා. මේත් සමගම පිපිරීම පිළිබදව වගකීම භාරගත්තා යැයි කියන සංවිධානයක් විසින් පළ කරන ලදැයි කියන ලිපියක්ද සමාජජාලා මාධ්‍ය වල හුවමාරූ වුනා.
මෙම ලිපියේ සදහන් වන්නේ Fighters Of Tamil Eelam නම් සංවිධානයක් විසින් එම පිපිරීමට අදාල වගකීම භාර ගන්නා බවටයි. කෙසේ වෙතත් එවැනි සංවිධානයක් නොපවතින අතර මෙම ලිපියද ජනතාව නොමග යැවීමට සිතාමතාම පළ කල අසත්‍ය ලිපියක් බවද වාර්තා වෙනවා.
සමාජජාලා වල බොහො දෙනෙක් මෙම ලිපිය හුවමාරු කර ගනිමින් තිබූ අතර ඒ අතර ගායන ශිල්පි මධුමාදව අරවින්ද වැනි අය පවා සිටියා.
කෙසේ වෙතත් මින් පෙරද මෙවැනි අසත්‍ය ලේඛන සමාජජාලා වල පැතිරුණු අතර නිදහස් දිනය අලලා රාජකීයන් පිළිගැනීමේ කමිටුව යැයි කියන සංවිධානයකින් නිකුත් කෙරු ලිපියක් පිළිබදව සමාජජාලා වල කතාබහක් ඇතිවූ අතර එයද අසත්‍ය බවට පසුව තහවුරු වුනා.